Thursday, 7 July 2022

Posted by Manula Anusara |

 


දුවේ නුඹ උපන්දා 

මගේ සිතේ පිරි සතුට

තවම එහෙමම තියේ........


නොවී වෙනසක් කිසිම

හැමෝගෙම හිත් වලට 

සතුට සැනසුම සමඟ

හුරතලය ආදරය 

බෙදා දුන්නා නුඹම.....


සඳක් සේ බබලමින්

ඔපකළා අපේ ලොව

ප්‍රදීපය නුඹම විය

තක්සලාවට දිදුලන

ගෙවී ගිය ළමා විය

පිපුන පියුමක් ලෙසට

සුවඳ විහිදා රැදෙයි

මගේ මතකයේ නිබඳ........


ජය කෙහෙලි නංවන්න 

දැනුම් සයුරේ දිනෙක

ගියද නුඹ ඈත් වී

අපේ සෙවනින් වෙන්ව 

දුවේ නුඹෙ මියුරු හඬ

සවන් යුග වෙත දැනෙයි........



ගේ ඇතුළේ හැමතැනම 

නුඹ ඉන්න බව දැනෙයි

දිනක නුඹ ජය අරන්

සිප් සයුරෙ ගැඹුරු තැන්  

මඟ නොමඟ දැන හොඳින් 


නොවී කම්පා කිසිත් 

අද හෙලන කඳුළු බිඳු

හසරැල්ම වෙලා හෙට

පිරුණු මිනිසෙකු වෙලා


එනතුරා අපි ළඟට

මඟ බලා හිඳින්නම්

සෙනෙහෙ හද දරාගෙන

 

Lyrics By

 Sunethra Gunasekara 

0 comments:

Post a Comment