සෙනෙහසින් බැඳුන බැමි........

සමනල පැටියෙක් වගේ 

දැවටි දැවටී අපි දෙන්නා ලඟ

කෙළිදෙළෙන් සැහැල්ලුවෙන් 

කල් ගෙව්ව සුදු පුතා ගේ සිත

හදන්නේ කොහොමද මම

රුදුරු ජල කඳ ඇවිත්

 අපි....... සතෙන් සතේ ගොඩනැගූ 

සියල්ල රැගෙන ගියදා

දනිමි මම පුංචි සිත්

 හඬා වැටෙන බව 

මහ මෙරක් වගේ තාත්තා

දරාගෙන හිටියාට හැමදේම

ආදරය අපිට දෙන 

උසයි ඊටත් වඩා 

උදුර ගත්තද අපේ සම්පත්

මහා ජලකඳ 

ජලකඳට බැහැ පුතේ 

අපේ සිව් සිත්

ආදරයෙන් බැඳුන බැමි

සිඳලන්න..........................


Lyrics By

 Sunethra Gunasekara 

0 comments:

Post a Comment